ගම්මන්පිල සමගින් පක්ෂ 8 ක නායකයින් එකට සිටගනිති

0
පක්ෂ 8 ක නායකයින්

ආණ්ඩුපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ 8 ක නායකයින් බලශක්ති අමාත්‍ය ගම්මන්පිල මහතා ගේ කරමත පැටවීමේ වෑයම හෙලා දකිමින් නිවේදනයක් නිකුත් කර ඇත.

ඉන්ධන මිල ඉහල දැමීම සම්බන්ධව මාධ්‍ය නිවේදනයක් නිකුත් කල පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා එම තීරණයෙහි වගකීම බලශක්ති අමාත්‍යවරයා විසින් දැරිය යුතු බව මින් පෙර නිවේ දනයක් නිකුත් කර තිබුනි.

එම නිවේදනයට පිළිතුරු දක්වමින් ගම්මන්පිල අමාත්‍යවරයා ඊයේ (13) මාධ්‍ය සාකච්චාවක්ද කැඳවා තිබුනි. එම මාධ්‍ය සාකච්චාවෙන් අනතුරුව ජනාධිපති මාධ්‍ය අංශයද නිවේදනයක් නිකුත් කරමින් අදාල තීන්දුව සාමූහික තීන්දුවක් බව පිළිගෙන තිබුණි.

අද (14) උදෑසන මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නිමල් ලන්සා අමාත්‍යවරයා බැසිල් රාජපක්ෂ මෙරට සිටියානම් තෙල් මිල වැඩි නොවනු ඇති බවට ප්‍රකාශයක් නිකුත්කර තිබුනි.

පක්ෂ 8 ක නායකයින් එක්ව නිවේදනයක් නිකුත් කරන්නේ එවන් පසුබිමකය.

අදාල පක්ෂ නායකයින් විසින් නිකුත්කල සම්පූර්ණ නිවේදනය පහතින්

පක්ෂ 8 ක නායකයින්

තෙල් මිල වැඩි කිරීමට ඇමති ගම්මන්පිල වගකිවයුතුයි අපගේ පෙර ලිපිය

තෙල් මිල වැඩිකලේ ජනපති අගමැති ප්‍රමුඛ රජයේ සාමූහික තීන්දුවකින් – ගම්මන්පිල අපගේ පෙර ලිපිය

තෙල් මිල වැඩිකලේ සාමූහික තීන්දුවක් අනුව – PMD අපගේ පෙර ලිපිය

බැසිල් හිටියානම් තෙල් මිල වැඩිවන්නේ නෑ – ලන්සා අපගේ පෙර ලිපිය