තෙල් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් ඇමති ඉල්ලා අස්විය යුතුයි – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

1
sri lanka podujana peramuna - තෙල් මිල වැඩිකිරීම සම්බන්ධයෙන් ඇමති ඉල්ලා අස්විය යුතුයි - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තෙල් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඔවුන් නිවේදනය කරන්නේ එම තීරණය සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා වගකීම භාරගෙන ඉල්ලා අස්විය යුතු බවයි.

එමෙන්ම රටේ ජන ජීවිතය අඩාල වී ආර්ථික වශයෙන් අපහසුතාවයට පත්ව ඇති අවස්ථාවක ඛනිජ තෙල් මිල ඉහල දමා පීඩාවට පත්ව ඇති ජනතාව තවත් අසීරුතාවයට පත් කරමින් තීරණ ගැනීම හැර වෙනත් විකල්ප නොමැති තත්ත්වයකට රජය පත්කිරීම පක්ෂයක් ලෙස දැඩි අවධානයට ලක්ව ඇති බවද එම නිවේදනයේ සඳහන්.

එම නිවේදනය පහතින්..