අද කොරෝනා ආසාදිතයින් ගණන 3,800 ඉක්මවයි

0
Covid New Positive Cases Today in Sri lanka - අද කොරෝනා ආසාදිතයින් ගණන 3,800 ඉක්මවයි
තවත් කොරෝනා ආසාදිතයින් 1,014 දෙනකු අද (20) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව අද දිනයේ මෙරටින් හඳුනාගෙන සමස්ථ ආසාදිතයින් ගණන 3,839ක්.

ඒ සමඟ මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 378,987ක් දක්වා ඉහළ ගොස් ඇත.

කොරෝනා ආසාදිතව රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථානවල මේ වන විටත් 50,373 දෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටිති.

ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොරෝනා රෝගීන් 2,282 ක් සුවය ලබා අද රෝහල්වලින් පිටත්ව ගිය අතර මේ වන විට මෙරට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 320,996 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Today Recoveries

තවත් කොරෝනා මරණ 195ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

මෙරට කොවිඩ් 19 පිළිබඳ නවතම තත්ත්වය මෙතනින්.