දෙසැම්බර් මාසය වනවිට කොරෝනා මරණ 22,000 පනී.. මෙරට අනාගතය ගැන සිදුකළ අනතුරු ඇඟවීම මෙන්න…

0
Covid Deaths in Next Four Months - දෙසැම්බර් මාසය වනවිට කොරෝනා මරණ 22,000 පනී.. මෙරට අනාගතය ගැන සිදුකළ අනතුරු ඇඟවීම මෙන්න...

දිනෙන් කොවිඩ් මරණ ඉහළ යාමත් සමඟ අපි අද අවධානය යොමු කරන්නේ කොවිඩ් 19 පිළිබද පුරෝකථන ඉදිරිපත් කරන ලොව ප්‍රමුඛතම ආයතනයක් වන වොෂිංටන් විශ්වවිද්‍යාලයට අනුබද්ධ සෞඛ්‍ය මිනුම් හා ඇගයීම් පිළිබඳ ආයතනය හෙවත් IHME ආයතනය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති නවතම දත්ත පිළිබඳවයි.

මේවන විට දිනකට 100 ඉක්මවා කොවිඩ් මරණ වාර්තා වීමේ තත්ත්වය මීට වඩා බරපතළ වුවහොත් ඔක්තෝබර් මාසය වනවිට දිනකට මරණ 350ක් සිදුවිය හැකි බවට ඔවුන් අනතුරු අඟවනවා.

මෙරට සමස්ත කොවිඩ් මරණ මේවන විට 5000 ඉක්මවා ඇති නමුත් IHME ආයතනය පුරෝකථනය කරන්නේ පවතින තත්ත්වය යටතේ තවත් මාස 4කින් එනම් දෙසැම්බර් මාසය වනවිට සමස්ත කොවිඩ් මරණ ගණන 12,600 ඉක්මවා යන බවයි.

තත්ත්වය මීට වඩා බරපතළ වුවහොත් එම කාලය වනවිට සමස්ත මරණ 22,000 සීමාව ඉක්මවා යන බවටත් ඔවුන් අනතුරු අඟවනවා.