යෝෂිතගේ ගෑස් සමාගමක් මෙරට වෙළදපොළට එනවාද..? ඇත්ත නැත්ත මෙන්න

0
Statement of Yoshitha Rajapaksa - යෝෂිතගේ ගෑස් සමාගමක් මෙරට වෙළදපොළට එනවාද..? ඇත්ත නැත්ත මෙන්න

තමන්ට අයත් ගෑස් සමාගමක් නුදුරේ දී මෙරට ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට සූදානම් වන බවට පලවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා කියා සිටියි.

මෙරට ගෑස් හිඟයක් ඇතිවීමට හේතුව තමන් සතු ගෑස් සමාගමක් විසින් මෙරට ගෑස් වෙළදපොල අත්පත්කර ගැනීමේ මූලික සැලැස්මක් බවට වන පුවතක් ප්‍රචාරය වන බවත් එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් ඔහු පවසයි.

ආකර්ෂණීය සිරස්තල යොදමින් මෙවන් ව්‍යාජ පුවත් නිර්මාණය කරමින් ජනතාව නැවත වතාවක් රැවටීමට ඇතැම් පිරිසක් උත්සාහයක නිරතවන බවද ඒ මහතා කියා සදහන් කලේය.