ලබන සතියේ කැබිනට් සංශෝධනයක්..? සෞඛ්‍ය, අධ්‍යාපන, මාධ්‍ය හා විදේශ වෙනස් වෙයි..?

0
Cabinet - ලබන සතියේ කැබිනට් සංශෝධනයක්..? සෞඛ්‍ය, අධ්‍යාපන, මාධ්‍ය හා විදේශ වෙනස් වෙයි..?

ලබන සතියේදී කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට නියමිත බව ඩේලිමිරර් වෙබ් අඩවිය වාර්තා කරයි.

මෙහිදී ප්‍රධාන වශයෙන්ම දැනට සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කරන පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය එම ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ඇය වෙනුවට වෛද්‍ය රමේෂ් පතිරණ මහතා නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කිරීමට
නියමිත බවද ඩේලිමිරර් වෙබ් අඩවිය පෙන්වා දෙයි.

මීට අමතරව අධ්‍යාපන, මාධ්‍ය හා විදේශ කටයුතු අමාත්‍යධුරවලද වෙනසක් සිදුවෙනු ඇති බව
වාර්තා වෙයි.

මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාට යළිත් විදේශ කටයුතු අමාත්‍යාංශය හිමිවීමට නියමිත බව
ඩේලිමිර් වෙබ් අඩවිය වාර්තා කරයි