අද දිනයේත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

0
today weather forecast - තැනින් තැන වැසි

ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සඳහන් කරනවා. ඒ අනුව සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල, මාතර, වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රීයේ වැසි ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකිය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 75 ඉක්මවු වැසි බලාපොරොත්තු විය හැකි බවය.

බස්නාහිර සහ දකුණු පළාත්වල තැනින් තැන උදෑසන කාලයේ දී වැසි ඇති වේ.

ගිඟුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ද ඇති විය හැකිය.