කොළඹ වරාය අධිකාරියේ 600කට කොරෝනා

0
Coronavirus in Colombo Harbour - කොළඹ වරාය අධිකාරියේ 600කට කොරෝනා
කොළඹ වරාය අධිකාරියේ සේවයකයන් 600 ට ආසන්න පිරිසකට කොවිඩ් ආසාදිත වී ඇති බව වරාය ආරංචි මාර්ග කියයි.

කොවිඩ් ආසාදිත සේවකයන් 593 දෙනකු ඊයේ වන විට නිළ වශයෙන් වාර්තා වු බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග පවසයි.

මෙම සියලු දෙනා අහඹු පී සී ආර් පරීක්ෂණවලින් ආසාදිතයන් වශයෙන් හදුනාගෙන ඇති බවද එම ආරංචි මාර්ග පවසයි..

වරාය තුළ ඉකුත් මැයි මස සිට පී සී ආර් පරීක්ෂණ සිදුකිරීම නවතා ඇති බවත්, වරාය අධිකාරිය තුළ පී සී ආර් පරීක්ෂණ සිදු කළේ නම් ආසාතියන් විශාල වශයෙක් හමුවිය හැකි බවද එම ආරංචි මාර්ග පවසයි. මෙම ආසාදිතයන් වරායේ සෑම අංශයකින්ම වාර්තා බවද වරාය ආරංචි මාර්ග කියයි.

වාරාය සේවකයන් අතර කොවිඩ් පැතිර ඇත්තේ වරාය සේවකයන්ට ලබා දී තිබු කොවිඩ් දෙවන එන්නතේ මාත්‍රාව වැඩිකර එන්නත් කිරීම හේතුවෙන් බවට සැකකරන බව ස්වාධීන වරාය සේවක සංගමයේ සභාපති ලාල් බෙංගමුව මහතා ලංකාදීපයට පැවසීය.

මෙම එන්නතේ මාත්‍රාව වැඩිකර එය සේවකයන් නොවන පිරිස් වෙත එන්නත් කිරීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනටයක් සිදුකර වරායේ හිටපු වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරිණිය අනිවාර්්‍ය නිවාඩු යනවා ඇති බවද බංගමුව මහතා කියා සිටියේය.

එන්නත් මාත්‍රාව වැඩිකර සේවකයන්ට එන්නත කිරීම හේතුවෙන් වයිරසය වැඩි සේවක පිරිසකට වැළ දී ඇති යන්න සැකකරන බවද ඒ මහතා වැඩිදුරටත් කීය.