තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙකුට කොවිඩ් ආසාදිත වෙයි

0
Two MPs Positive for Covid - තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙකුට කොවිඩ් ආසාදිත වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතාටද කොවිඩ් ආසාදනය වී ඇත.

ඔහුට කොවිඩ් ආසාදනයවී ඇති බවට තහවුරු වී ඇත්තේ පී.සී.ආර් පරීක්ෂණයක දීය.

මේ බව තහවුරු වීමෙන් පසු මන්ත්‍රීවරයා මාතලේ පිහිටි සිය නිවසේ නිරෝධායනය වෙමින් සිටින බව ඒ මහතාගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙක් ලංකාදීපයට පැවැසීය.

මේ අතර සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග වලට යොමු වන්නැයි රෝහණ දිසානායක මන්ත්‍රීවරයා තමා සමඟ පසුගිය දිනවල ගැටුණු හෝ සමීපවුණු සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරයි.

මේ අතර සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතාටද කොවිඩ් ආසාදිත වී ඇති බවට වාර්තා වනවා

මන්ත්‍රීවරයා ඒ පිළිබඳව මුහුණු පොතේ සටහනක් ද තබා තිබෙනවා.

————-

ඊයේ දින සවස මා හට ඇති වූ දැඩි හිසරදය හේතුවෙන් මා විසින් කරන ලද ඇන්ටිජන් පරීක්ෂණයේදී Covid 19 රෝගය වැළදී ඇති බව තහවුරු විය. ඒ අනුව මා ඇතුළු පවුලේ සියලු දෙනා වෛද්‍ය උපදෙස් මත මේ වන විට නිරෝධායනය වෙමින් සිටී. පසුගිය සතියේ (2021.08.01) දින සිට මේ දක්වා මා ඇසුරු කල මා හිතවත් සියලුම දෙනා ස්වයං නිරෝධායනට ලක්වන ලෙස මා කාරුණිකව ඉල්ලා සිටිමි.
රට තුළ පවතින මේ ව්‍යසනකාරී අවස්ථාවේ මෙම රෝග ව්‍යාප්තිය අවම කර ගැනීම උදෙසා එසේ නිරෝධායනය වීම ඔබේත් මගේත් වගකීම වන කාරුණිකව සිහිපත් කරමි.
දිලිප් වෙදආරච්චි
2021.08.06