LTTE ධජය සහිත සපත්තු ගැන සොයයි

0
LTTE ලාංඡනය සහිත සපත්තු ගැන සොයයි

එල්ටීටීඊ (LTTE) ලාංඡනය සහිත නයිකි (NIKE) සන්නාමය සහිත සපත්තු යුගලයක් පිළිබඳව දැක්වෙන වීඩියෝවක් සම්බන්ධයෙන් සිය අවධානය යොමුව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

එල්.ටී.ටී.ඊ. (LTTE) ලාංඡනය සහිත අන්තර්ජාතික නයිකි (NIKE) සන්නාමය සහිත ගුවන් හමුදා පාවහන් යුවලක් දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දිනවල සංසරණය වූ අතර ඊළාම් ධජය සහ ඊළාම් නිජබිමේ සිතියමක් පැහැදිලිව එහි දැකගත හැකි විය.

මේ පිළිබඳව වාර්තා වීමෙන් අනතුරුව විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් එම සපත්තු යුගල සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ නයිකි ආයතනයෙන් විමසීමක් කර ඇත.

එහිදී නයිකි ආයතනය පවසා ඇත්තේ වීඩියෝ පටයේ දැක්වෙන වර්ගයේ සපත්තු නයිකි විසින් නිෂ්පාදනය කර නොමැති බවයි.

බුද්ධිමය දේපළ අනිසි ලෙස භාවිත කිරීම පිළිබඳව සොයා බැලීමටත්, සමාගම් පරිචය අනුව සුදුසු බලාත්මක කිරීමක් සිදු කිරීමටත් විමර්ශනය කරන බව නයිකි සමාගම තමන් වෙත දැනුම්දී ඇතැයිද විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.