මහමග ඇදවැටී මියගිය පුද්ගලයෙකුට කොරෝනා

0
Covid Dead in Jaffna Road - මහමග ඇදවැටී මියගිය පුද්ගලයෙකුට කොරෝනා

යාපනය පුලියඩි මංසන්ධියේදී යතුරුපැදියකින් ගමන්ගත් පුද්ගලයෙකුට ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් ඇදවැටී රෝහල්ගතකල අයෙකු මියගොස් ඇති අතර එම පුද්ගලයාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවටද යාපනය පොලීසිය පවසයි.

යාපනය උරුම්පිරාය් ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පුද්ගයෙකු ඊයේ (31) දින යාපනය ශික්ෂණ රෝහලට රෝගියෙකු බැලීම සඳහා යතුරුපැදියක යමින් සිටියදී මෙම අනතුර සිදුවීමෙන් පසුව ප්‍රදේශවාසීන් විසින් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් අතර පසුව සිදුකරන ලද පී.සී.ආර් පරික්ෂණයකදී මියගිය පුද්ගලයාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට අනාවරනය වීය.

මෙලෙස මියගිය පුද්ගලයාට කොරෝනා වයිරසය අසාදනය වී ඇති ආකාරය පිළිබඳව මෙතෙක් අනාවරනය වී නොමැති අතරම ඔහුගේ පවුලේ ඥාතීන් මේ වන විට නිවෙස් තුලම නිරෝධායනය කොට මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු සෞඛ්‍ය නීතින් වලට අනුව සිදුකිරීමට පියවර ගෙන ඇතැයිද යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය වැඩිදුරටත් පැවසීය.