මාදිවෙල මන්ත්‍රී නිල නිවාස පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතාට

0
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතාට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පාවිච්චි කළ මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිල නිවෙස සමගි ජන බලවේගයේ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතාට බාරදුන් බව පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය සඳහන් කරනවා

රන්ජන් රාමනායක මහතාට සිර දඬුවම් නියමවී මන්ත්‍රී ධූරය අහෝසිවීමෙන් පසු එම නිල නිවස පාවිච්චි කිරීමේ අවස්ථාවද අහිමිව ගියා

අලුතින් නිවෙසක් සොයා ගන්නා තෙක් එම නිවෙසේ ඔහුගේ බඩුබාහිරාදිය තබා ගැනීම සඳහා අවස්ථාව දෙන්නැයි රංජන් රාමනායක මහතා කළ ඉල්ලීමක් අනුව කතානායකවරයා ඔහුට ඒ සඳහා මාස 3ක සහන කාලයක් ලබා දුන්නා

ඒ අනුව එම සහන කාල සීමාව පසුගිය 20 වැනිදායින් අවසන් වී තිබෙනවා.

රන්ජන් රාමනායක මහතා පාවිච්චි කළ නිවෙස තමාට ලබා දෙන්නැයි මනුෂ නානායක්කාර මහතා ඉන් අනතුරුව ඉල්ලීමක් කර තිබූ හෙයින් එම නිවස ඔහුට බාර දුන් බවයි පාර්ලිමේන්තුවේ නිලධාරියෙක් දිනපතා පළවන පුවත්පතකට සඳහන් කර තිබෙන්නේ

රන්ජන් රාමනායක මහතාගේ බඩු බාහිරාදිය තමා බලා ගන්නා බවට නානායක්කාර මහතා එහිදී දැනුම් දුන් බවයි ඒ නිලධාරියා ප්‍රකාශ කර තිබෙන්නේ

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවමක් නියම වූ රංජන් රාමනායක මහතා දැනට රඳවනු ලැබ සිටින්නේ තංගල්ල අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේයි