දරුවන්ට කොවිඩ් එන්නත්

0
දරුවන්ට කොවිඩ් එන්නත්

දරුවන්ට කොවිඩ් එන්නත් ලබාදෙන ආකාරය ගැන විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේනගෙන් පැහැදිළි කිරීමක්

හෘද රෝග, පෙනහළු ආබාධ, මොළයේ ආබාධ සහ පෙනහළු ආබාධ වැනි රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන දරුවන් සඳහා ඉදිරියේදී කොවිඩ් එන්නත් ලබාදීම සඳහා කටයුතු කරන බව ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයද නිර්දේශ කර ඇත්තේ එවැනි විශේෂ රෝග ඇති දරුවන් සඳහා එන්නත්කරණය සිදු කරන ලෙස බවයි විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළේ.

අනෙකුත් සෑම දරුවෙක් සඳහාම එකවර එන්නත් ලබාදීමේ අවශ්‍යතාවක් නොමැති බවයි විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන වැඩිදුරටත් ප්‍රකාශ කළේ.