මහනුවර කාන්තාවකට වැරදීමකින් මොඩානා එන්නත දෙවරක් විදී.. ක්ලාන්ත වී වහාම රෝහලට…

0
Moderna Vaccine - මහනුවර කාන්තාවකට වැරදීමකින් මොඩානා එන්නත දෙවරක් විදී.. ක්ලාන්ත වී වහාම රෝහලට…

උඩපේරාදෙණිය යොවුන් සේනාංක එන්නත් කරන මධ්‍යස්ථානයේ දී එක්වර එන්නත් දෙකක් දීමෙන් රෝගී වූ කාන්තාවක් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති බව අද (22) දිනපතා පුවත්පතක් වාර්තා කර තිබෙනවා.

එසේ රෝගාතුරව ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඇතුළත් කර ඇත්තේ පේරාදෙණිය ඔගස්ටා වත්තේ පදිංචි 51ක් හැවිරිදි සිව් දරු මවක බවයි පොලිසියේ ප්‍රකාශයක් උපුටා දක්වමින් එම පුවත්පත වාර්තා කර ඇත්තේ.

එම එන්නත් කරන මධ්‍යස්ථානයේ දී ඇයට මොඩර්නා එන්නත දෙවරක් ලබා දී ඇතැයි වාර්තා වනවා.

ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති අතර මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරයා සඳහන් කර ඇත්තේ තමන් ද විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි

යොවුන් සේනාංක මධ්‍යස්ථානයේ දී ඇය සිය සැමියා සමඟ මෙම එන්නත ලබාගෙන තිබුණා.