දිනක් තුල වැඩිම කොරෝනා මරණ අද – මරණ 19 යි.

0

කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් තවත් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් ඇති බවට අද (07) දිනයේ තහවුරු වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා පවසයි.

මෙය මෙරටින් වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් මරණ ගණන ලෙස දැක්වේ.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 764කි.