කොතලාවල වෛද්‍ය පීඨයේ 6 වෙනි තට්ටුවෙන් වැටුණ සේවිකාවක මරුට

0
KDU Incident - කොතලාවල වෛද්‍ය පීඨයේ 6 වෙනි තට්ටුවෙන් වැටුණ සේවිකාවක මරුට
රත්මලාන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට අයත් ගොඩනැගිල්ලක 06වන මහලෙන් ඇඳවැටී එහි සේවය කරන සේවිකාවක මියගොස් ඇතැයි අද (19) සවස වාර්තා විය.

ඇය ඉහළ මාලයෙන් පැන්නා ද නැතිනම් ඇද වැටුණා ද යන්න ගැන තවම පරීක්ෂණ සිදු කෙරේ.

සැ කකටයුතු ලෙස මියගිය සේවිකා ව වෛද්‍ය පීඨයේ කළමනාකාර සහයකවරියක ලෙස කටයුතු කරමින් සිටි තැනැත්තියක බව හඳුනා ගෙන තිබේ. 31 හැවිරිදි වියේ පසුවූ ඇය පානදුර ප්‍රදේශයේ පදිංචි එක්දරු මවක බවද පැවසේ.මරණය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව ගල්කිස්ස පොලීසිය ප්‍රකාශ කළේය.

ඇය සේවය කරමින් සිටි කාර්යාලය එකී ගොඩනැගිල්ලේ බිම් මාලයෙහි තිබෙන බවත් කිසියම් හේතුවකට ඇය අද (19) පෙරවරුවේ හයවන මහළට ගො ස් ඇති බවත් මූලික පරික්ෂණවලින් හෙළි වී ඇත.

ඇය එම මහලේ සිට ඇද වැටුණේ ද, පහළට පැන සියදිවි නසා ගත්තේ ද, එසේත් නොමැතිනම් මෙය පිටුපස අපරාධයක් පවතින්නේ ද යන්න පිළිබඳ පරීක්ෂණ ක්‍රියාත්මකයි.

කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයේ 6 වෙනි මහලින් වැටී මිට ඉහත 2019 අගෝස්තු මාසයේත් මරණයක් සිදුවූ අතර එලෙස මියගොස් තිබුනේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි රුපලාවන්‍ය ශිල්පිණියකි.