සිසුවියක් දූෂණය කර කප්පම් ලබාගත් 20 හැවිදිරි තරුණයා

0
SExual Abuse - සිසුවියක් දූෂණයකර කප්පම් ලබාගත් 20 හැවිදිරි තරුණයා
සිසුවියකගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කර කප්පම් ලබාගත් තරුණයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෝද්දල පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හපුගල ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි අයෙක්.

සැකකරු විසින් 16 හැවිරිදි සිසුවියක් ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ හඳුනාගෙන පසුව ලැඟුම්හලක් වෙත රැගෙන ගොස් ඇයව දූෂණය කර ඇයගේ නිරුවත් ඡායාරූප ලබාගෙන ඇති බවයි පොලීසය පවසන්නේ.

පසුව සැකකාර තරුණයා විසින් එම ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බව පවසමින් අවස්ථා ගණනාවකදී සිසුවියගෙන් මුදල් ලබා ගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

තරුණයාගේ මෙම තර්ජනවලට බිය වී, තම පියාගෙන් මුදල් සොරකම් කර රුපියල් දස දහස, පහළොස් දහස, තිස් දහස ආදී වශයෙන් සිසුවිය විසින් සැකකරුට ලබාදී තිබෙනවා.

තම මුදල් අඩුවී තිබීම දැනගත් පියා ඒ සම්බන්ධයෙන් සිය දියණියගෙන් ප්‍රශ්ණ කිරිමේදී ඇය විසින් කරන ලද විස්තරයට අනුව මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

අනතුරව පෝද්දල පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.