ගබ්සාවක් සිදුකර ගත් කාන්තාවක් අධික රුධිර වහනයෙන් මියයයි

0
Death Women - ගබ්සාවක් සිදුකර ගත් කාන්තාවක් අධික රුධිර වහනයෙන් මියයයි

ඇඹිලිපිටිය – කුට්ටිගල – කච්චිගල ප්‍රදේශයේදී ගබ්සාවක් සිදුකර ගත් කාන්තාවක් අධික රුධිර වහනයකින් සැක සහිත ලෙස මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඒ ඇඹිලිපිටිය රෝහල මගින් පොලීසියට කල දැනුම් දීමකට අනුවයි.

පසුගිය 10 වනදා අදාළ කාන්තාව මිය ගොස් ඇති අතර රෝහල දැනුම් දී ඇත්තේ එය සැක සහිත බැවින් මරණ පරීක්ෂණයට මෘත දේහය ඡේදනය කිරීම සඳහා අධිකරණ නියෝගයක් අවශ්‍ය බවටයි.

ඒ අනුව සිදු කල මූලික විමර්ශන වලදී අදාල කාන්තාවගේ නිවසේ පිටුපස වළ දමා තිබූ නොමේරු උතුරු කළයක් සොයා ගෙන තිබෙනවා.

ඒ අනුව, අදාල කළලය සහ කාන්තවගේ මෘත දේහය අද මරණ පරීක්ෂණය සඳහා යොමු කළ බවයි පොලීසිය සඳහන් කළේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ ඇඹිලිපිටිය – කුට්ටිගල – කච්චිගල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි දෙදරු මවක් වන අතර ඇගේ කුඩාම දරුවාගේ වයස මාස 7 ක්.

අදාළ කාන්තාවගේ සැමියා කොරෝනා මර්ධන එන්නත ලබා ගැනීම සඳහා නිවසින් බැහැරට ගොස් සිටි අවස්ථාවේදී සිද්ධිය සිදුව ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

මෙම කාන්තාව ගබ්සාව සිදු කර ගැනීම සඳහා ලබා ගත් ඖෂධයක් හේතුවෙන් සිද්ධිය සිදුව ඇති බවටයි සැක පල කෙරෙන්නේ.