ශ්‍රී ලංකා රජය පවුල් සමාගමක් වී ඇති බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි

0
Rajapaksa Family - ශ්‍රී ලංකා රජය පවුල් සමාගමක් වී ඇති බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ධුරයට පත් වීමෙන් පසු රාජපක්ෂ පවුල සමාගමක් ලෙස වර්ධනය වෙමින් පවතින්නේ යැයි නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පෙන්වා දී තිබෙනවා.

2015 දී ජනාධිපතිවරණය පරාජයට පත් වීමෙන් පසු 2018 වර්ෂයේ දී නීත්‍යානුකූල නොවන අයුරින් පාර්ලිමේන්තු බලය කෙටි කලකට ලබා ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළ බවත් වසරකට පසු ඔහුගේ සහෝදරයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ බවත් නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාවේ පෙන්වා දෙනවා.

ඉන්පසු රාජපක්ෂවරු ඔවුන්ගේ නාමය කිසිසේත් ගලවාගත නොහැකි ආකාරයෙන් සටහන් කරගනිමින් වත්මන් රජය පවුලේ ව්‍යාපාරයක් කරගෙන ඇතැයි ප්‍රමුඛ පෙළේ ජ්‍යාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් වන නිව්යෝර්ක් ටයිම්ස් පවසනවා.

පසුගිය බ්‍රහස්පතින්දා ඔවුන්ගේ තවත් සහෝදරයෙකු වන බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමති ලෙස දිවුරුම් දුන් අතර එය රාජපක්ෂ පවුල් පාලනය තහවුරු කිරීමක් ලෙස විශ්ලේෂකයන් හඳුන්වා දෙන බව පුවත්පත වාර්තා කර තිබේ.

අදාළ නිව් යෝර්ක් ටයිම්ස් වාර්තාව මෙතනින්…

(news19.lk වෙබ් අඩවිය ඇසුරිනි)