තද වැසි නිසා ගං වතුර අවදානමක් – බලපෑම් ඇතිවිය හැකි ප්‍රදේශ මෙන්න

0
Flood තද වැසි නිසා ගං වතුර අවදානමක් - බලපෑම් ඇතිවිය හැකි ප්‍රදේශ මෙන්න
තද වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංගා හතරක් ආශ්‍රිතව ගං වතුර අවදානමක් මතුව ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

කැලණි, කළු, ගිං, නිල්වලා ගංඟා ආශ්‍රිත පහත්බිම්වලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස්.පී.සී සුගීෂ්වර මහතා පවසන්නේ.

ඒ අනුව කැලණි ගංඟා ද්‍රෝණියේ රුවන්වැල්ල, දෙහිඕවිට, සීතාවක, දොම්පේ, කඩුවෙල, බියගම, වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලත්, ගිං ගඟ ද්‍රෝණියේ නෙළුව, තවලම, අක්මීමන, නාගොඩ, ඇල්පිටිය, නියාගම, බද්දේගම, වැලිවිටිය, දිවිතුර, කොටපොල, බෝපේ පෝද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලත්, නිල්වලා ද්‍රෝණියේ පස්ගොඩ, කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, දෙවිනුවර සහ මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පහත්බිම්වලත් ගං වතුර තත්වයක් ඇතිවිය හැකි බවයි සඳහන් වන්නේ.

මීට අමතරව කලු ගඟේ ජල මට්ටමද ඉහළ යා හැකියි.