කෝවිඩ් ආසාදිතයෙක් එන්නත් මධ්‍යස්ථානයක්ම අමාරුවේ දාලා

0
Vaccine Centre - කෝවිඩ් ආසාදිතයෙක් එන්නත් මධ්‍යස්ථානයක්ම අමාරුවේ දාලා
කොවිඩි ආසාදිත පුද්ගලයකු සහ නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයකු මීගොඩ පානළුව සිරිනිවාසාරාම විහාරස්ථානයේ එන්නත් මධ්‍යස්ථානයට ගොස් එන්නත් ලබාගෙන ඇති බවට තහවුරු වූ බව මිගොඩ මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය කියයි.

අදාල කොවිඩි ආසාදිත පුද්ගලයා පානළුව සම්පත් මාවත ප‍්‍රදේහයේ පදිංචිකරුවකු බවත් ඔහු ඉකුත් 02 වන දින කොවිඩි ආසාදිතයකු බවට තහවුරු වූ බවත් ඔහුගේ පවුලේ සියළු දෙනා ජුලි මස 10 වන දින දක්වා නිරෝධායනයට ලක් කර තිබූ බවත් ඒ අතරතුර එන්නත් ලබා ගැනීමට පැමිණ බවත් සෞඛ්‍ය කාර්යාලය කියයි. කොරෝනා ආසාදිතයකු මේ ආකාරයෙන් එන්නත් මධ්‍යස්ථානයට පැමිණීම නිසා එන්නත් ලබාදුන් කාර්ය මණ්ඩලය මෙන්ම එන්නත් ගැනීමට ආ කිපදෙනකුට නිරෝධායනයට ලක් කළ බව ද සෞඛ්‍ය කාර්යාලය කියයි.

නිරෝදායන පනත උල්ලංඝණය සහ අපරාධමය වරදක් සිදු කිරීම යටතේ ඔවුන් දෛදෙනාට නඩු පැවසරීමට කටයුතු කරන බව බව මීගොඩ මහජන සෞඛය පරීක්ෂක රජිත පුෂ්පකුමාර මහතා පවසයි.