ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ගත් කොළඹ ජනතාවට දෙවන මාත්‍රාව ලැබෙන දිනය දැනගත හැකි අයුරු

0
Pfizer - ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ගත් කොළඹ ජනතාවට දෙවන මාත්‍රාව ලැබෙන දිනය දැනගත හැකි අයුරු
ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවල වයස අවුරුදු 55ට වැඩි පුද්ගලයින් සඳහා දෙවන මාත්‍රාව ලබාදීමට පියවර ගෙන තිබෙන බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කරනවා.

ඒ අනුව හෙට (07) සිට ඔවුන් සඳහා ෆයිසර් එන්නත ලබා දීමටයි පියවර ගෙන තිබෙන්නේ.

මෙම එන්නත ලබා ගත හැකි දිනය ,වේලාව සහ ස්ථානය කෙටි පණිවිඩයක් හරහා දෙවන මාත්‍රාව ලබාගැනීමට නියමිත අයගේ දුරකතනයට ලැබෙනු ඇති.