පියාට පහරදුන්නැයි පුත්තලම පොහොට්ටු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

0
Arrest - පියාට පහරදුන්නැයි පුත්තලම පොහොට්ටු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට
පියාට අමානුෂික අයුරින් පහර දුන් පුත්තලම නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයකු අත්අඩංගුවට ගත් බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරනු ලබන නාගරික මන්ත්‍රිවර‍යෙකි.

පියාට අයත් උළු තොගයක් වෙනත් අයකු ට ලබා දිමක් සම්බන්ධව පියා හා පුතා අතර වචන හුවමාරුවක් සිදුවිමෙන් පසු නාගරික මන්ත්‍රිවරයා පියාට‍ මෙසේ ‍පොලු මුගුරු වලින් පහර දි ඇති බව ඔහු පුත්තලම මුලස්ථානයට ලැබුණු පැමිනිල්ලක් අනුව ඔහු අත්අඩංගුව ගෙන තිබේ.

පහර කෑමට ලක්වු පියා ‍පොලිසියට පැමිණිලි කිරිමේන් පසුව අනුරාධපුර තම බාල පුතුගේ නිවසට ගොස් ඇති බව කියයි.