මෙරට දිනක් තුළ වැඩිම එන්නත්කරණය ඊයේ දිනයේ සිදුකරයි

1
Covid Vaccine - මෙරට දිනක් තුළ වැඩිම එන්නත්කරණය ඊයේ දිනයේ සිදුකරයි
මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව දිනක් තුළදී සිදුකළ වැඩිම එන්නත්කරණය ඊයේ දිනයේදී සිදුකර තිබෙනවා.

ඒ අනුව ඊයේ දිනයේදී පුද්ගලයින් 173,520 කට එන්නත් ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේ.

සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 91,759 දෙනෙකුට ඊයේ ලබාදී ඇති අතර, එහි දෙවන මාත්‍රාව ලබාදුන් පුද්ගලයින් සංඛ්‍යාව 79,236 ක්.

එසේම, කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ පුද්ගලයින් 2,523 දෙනෙකුට ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.

මේ වනවිට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 174,9500 ක් වන අතර, එහි දෙවන මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව හයලක්ෂ 84,352 ක්.

එසේම, කොවිෂීල්ඩ් පළමු මාත්‍රාව පුද්ගලයින් 925,242 ක් ලබාගෙන ඇති අතර, එහි දෙවන මාත්‍රාව පුද්ගලයින් 378,307 කට ලබාදී තිබෙනවා.

ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 114,795 ක්.

එහි දෙවන මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 14,427 ක් වනවා.