පාන් ගෙඩියක මිල රුපියල් 10කින් ඉහළ නඟී

0
Bread - පාන් ගෙඩියක මිල රුපියල් 10කින් ඉහළ නඟී
තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 18 කින් වැඩි කිරීම හේතුවෙන් ලබන සතියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසයි.

සෙරන්ඩිබ් ආයතනය පසුගිය සතියේ සිට පිටි කිලෝවක මිල රුපියල් 18කින් වැඩිකර ඇති බව සභාපතිවරයා කීය.

ඩීසල් වැඩි කිරීම නිසා මීට පෙර පාන් හැර සෙසු බේකරි නිෂ්පාදන මිල රුපියල් 5-10ත් අතර මිලකින් ඉහළ දැමූ බව ද සභාපතිවරයා පැවැසීය.