කුසල්-දික්වැල්ල කණ්ඩායමෙන් නෙරපයි! පළමු යානයෙන්ම ලංකාවට ගෙන්වයි!

0
Kusal and Dikwella - කුසල්-දික්වැල්ල කණ්ඩායමෙන් පන්නයි! පළමු යානයෙන්ම ලංකාවට ගෙන්වයි!
ආරක්ෂක බුබුලෙන් පිට පැන එංගලන්තවේ වීදියක් අසල දුම්වැටි පානය කිරීමට උත්සාහ කළ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ උප නායක කුසල් මෙන්ඩිස් සහ කඩුලු රකින නිරෝෂන් දික්වැල්ල වහාම කණ්ඩායමෙන් ඉවත්කර මෙරටට ගෙන්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇත.

මෙම ක්‍රීඩකයින් දෙදෙනා ලන්ඩනයෙන් මෙරට බලා එන පළමු ගුවන් යානයෙන්ම හරවා එවිය යුතු බවට ක්‍රිකට් කළමනාකාරීත්වයට දැනුම් දී ඇති බවද දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ ඔවුන් මෙරටට ගෙන්වීමෙන් පසු අදාල සිද්ධිය සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි.

එමෙන්ම මෙලෙස ක්‍රීඩකයින් ජෛව ආරක්ෂක බුබුලෙන් පිටතට යැවීම සම්බන්ධයෙන් කණ්ඩායම් කළමනාකාරීත්වයෙන් කරුණු විමසා වාර්තාවක් කැඳවීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තා වේ.