බස්නාහිර පළාතේ කොරෝනා රෝගීන් සොයන app එකක්

0

Covid 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයින් ඔබ ජීවත් වන ප්‍රදේශයට කෙතරම් සමීපව වාර්ථා වී ඇත්ද දැනගැනීමට මෙන්ම අනාරක්ෂිතව අවදානම් පෙදෙසකට ඇතුලු වීමේදී විමසිලිමත් වීම උදෙසා Suwapetha නමින් app එකක හඳුන්වා දී ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලාංකීය ශාකාව සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය එක්ව මෙම suwapetha නමින් හැඳින්වෙන 17 MB ප්‍රමාණයක app එක හඳුන්වා දී ඇත.

ඔබ අවට සිටින රෝගීන් දැනගැනීමට සහ සුවසැරිය හා සම්බන්ධ වීමට මෙන්ම ජනාධිපති කාර්‍ය බලකායට , රාජ්‍ය තොරතුරු මධ්‍යස්ථානයට , ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්‍යංශයට , ශ්‍රී ලංකා පොලීසියට , නිරෝධායන ඒකකය ඇතුලු හදිසි අවස්ථාවකදී සම්බන්ධකරගත යුතු ආයතන සමගින් සමබ්න්ධ වීමට app එක හරහා සමස්ථ සක්‍රීය රෝගීන් ගනන සුවය ලැබීම් සහ මරණ සම්බන්ධවද යාවත්කාලීන කිරීම් ඇත. මෙම app එක පහතින් Download කරගත හැක.

Suwapetha මෙතැනින් බාගන්න