ශ්‍රී ලංකාවට එංගලන්තය ඉදිරියේ 3-0 අන්ත පරාජයක්

0
Eng Vs Sl 3rd t20 ශ්‍රී ලංකාවට එංගලන්තය ඉදිරියේ 3-0 අන්ත පරාජයක්

ශ්‍රී ලංකාව සමගපැවැති පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය එංගලන්තය තරග 3 ට 0 ක් ලෙස ඊයේ ජය ගැනීමට සමත් විය.ඒ, සවුත්හැම්ටන්හිදී පැවැති තුන්වැනි තරග ලකුණු 89 කින් ජය ගනිමිනි.

ජයග්‍රහණය සඳහා ලකුණු 181 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 18 යි පන්දු 5 ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 91 ක් පමණි.

තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා නායක කුසල් ජනිත් පෙරේරා පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 180කි.

ජොනී බෙයාස්ටෝව් ලකුණු 51 ක් රැස් කළ අතර ඩේවිඩ් මාලන් ලකුණු 76 ක් රැස් කළේය.

පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර ලකුණු 17 ට කඩුලු 04 ක් දවා ගත්තේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 181 ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ධනුෂ්ක ගුණතිලක ලකුණු 4 කට දැවී ගියේය.

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමේ පළමු කඩුලු 04 ලකුණු 46 කදී බිඳ වැටුණි.

නායක කුසල් ජනිත් පෙරේරා ලකුණු 3 කට දැවී ගිය අතර ඕෂධ ප්‍රනාන්දු ලකුණු 19 කට දැවී ගියේය.