ශ්‍රී ලංකාවට T20 ලෝක කුසලානයට යන්න වෙන්නෙ මෙහෙමයි

0
ICC T20 Sri Lanka - ශ්‍රී ලංකාවට T20 ලෝක කුසලානයට යන්න වෙන්නෙ මෙහෙමයි
2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ලබන ඔක්තෝබර් 17 වනදා සිට නොවැම්බර් 14 වනදා දක්වා පැවැත්වීම සැලසුම් කර ඇති බව ක්‍රීඩා ආරංචි මාර්ග පවසනවා.

මෙවර තරඟාවලියේ සත්කාරකත්වය දරණු ලබන්නේ ඉන්දියාව විසින්.

තරඟාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමේ තීරණය සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මෙතෙක් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය වෙත නිල වශයෙන් දැනුම්දීමක් සිදුකර නොමැති බවයි වාර්තා වන්නේ.

මෙවර පන්දුවාර විස්ස ලෝක කුසලානයේ දී සුපිරි 12 අතර එක්වීමට කණ්ඩායම් 08කට කාණ්ඩ දෙකක් යටතේ තරඟ වැදීමට සිදුවනවා.

 

ඒ අතර ශ්‍රී ලංකා කණ්ඩායම ද පසුවීම විශේෂත්වයක්.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට A කාණ්ඩය යටතේ අයර්ලන්තය, පැපුවානිව්ගිනියාව සහ ඕමානය සමඟ තරඟ වැදීමට සිදුවන අතර B කාණ්ඩය යටතේ බංග්ලාදේශය, නෙදර්ලන්තය, ස්කොට්ලන්තය සහ නැමීබියාව තරඟ වදිනවා.

ඒ අනුව එම කාණ්ඩ දෙකේ පෙරමුණ ගනු ලබන කණ්ඩායම් 04 සුපිරි 12 වටයට සුදුසුකම් ලබනවා.

සුපිරි 12 වටය සදහා මේ වන විටත් කණ්ඩායම් 08ක් සුදුසුකම් ලබා ඇති අතර ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, පාකිස්ථානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම A කාණ්ඩයෙන් ද ඉන්දියාව, දකුණු අප්‍රිකාව, එංගලන්තය සහ ඇෆ්ගනිස්ථානය B කාණ්ඩයෙන් සුදුසුකම් ලබා තිබෙනවා.