ඊයේ (24) කොවිඩ් ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ

0
Covid 19 new cases - ඊයේ (24) කොවිඩ් ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ

ගතවූ පැය 24 තුළ දිවයිනේ දිස්ත්‍රික්ක 25 න්ම කොවිඩ් -19 ආසාදිතයින් හඳුනාගෙන තිබේ.

පසුගිය දින කිහිපයේම දෛනික ආසාදිතයින් 2,000 සීමාව ඉක්මවා වාර්තා වුවත් ඊයේ (24) මෙරට දිස්ත්‍රික්ක 25 න්ම වාර්තා වුයේ කොවිඩ් ආසාදිතයින් 1,941 දෙනෙකු පමණකි.

ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත.

එම ආසාදිතයින් සංඛ්‍යාව 386කි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් 261ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 252ක් හඳුනාගෙන තිබේ.

මඩකලපුව 133ක්, කෑගල්ල 125ක්, බදුල්ල 100ක්, මහනුවර 97ක්, රත්නපුර 97ක් වශයෙන් ද ආසාදිතයින් වාර්තා වී ඇත.

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 248,050 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ප්‍රතිකාර සහ නිරෝධායන කාලසීමාව අවසන් කළ සංඛ්‍යාව 212,825කි.

තවදුරටත් කොවිඩ් ආසාදිතව පුද්ගලයින් 32,411 දෙනෙකු ප්‍රතිකාර ලබමින් පසුවේ.

දැනට මෙරට භාවිතයට ගන්නා කොවිෂීල්ඩ්, සයිනොෆාම් සහ ස්පුට්නික් V යන එන්නත්වල එක් මාත්‍රාවක් හෝ ලබාගත් පුද්ගලයින් ගණන මේ වනවිට ලක්ෂ 25 සීමාව ඉක්මවා ගොස් තිබේ

ඒ අනුව එම සංඛ්‍යාව 2,513,654කි.

ඉන් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 870,992කි.

ඊයේ මෙරට තුළ  PCR පරීක්ෂණ 19,663 ක් සිදුකර තිබේ.

 

 

covid positive report

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here