අද පොලිස් ඇප හිමි නොවේ

0
Ajith Rohana - අද පොලිස් ඇප හිමි නොවේ

අද දිනයේ සංචරණ සීමා ක්‍රියාත්මක වන අතර ඊයේ (23) රාත්‍රී 10 සිට පැනවූ එම සංචරණ සීමා හෙට (25) අලුයම 4 දක්වා  ක්‍රියාත්මකය.

ඒ අනුව අද දිනයේදී නිවෙස්වලින් පිටතට යා හැක්කේ අත්‍යවශ්‍ය සේවා සඳහා කැඳවීම් කර ඇති අයට පමණකි.

පසුගිය පැය 24ක කාලය තුළ නිරෝධායන රීති උල්ලංඝනය කරමින් කටයුතු කළ පුද්ගලයින් 442ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

ඒ අනුව පසුගිය ඔක්තෝබර් 30 සිට මේ දක්වා කාලය තුළ ඒ සම්බන්ධ වැරදි හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 42,789කි.

අද දිනයේත් නිරෝධායන රීති සම්බන්ධ මෙහෙයුම් ක්‍රියාත්මකය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ අද දිනයේදී නීතිවිරෝධී ක්‍රියාවක් හේතුවෙන් යම් අයෙකු අත්අඩංගුවට ගත්විට පොලිස් ඇප දීමක් සිදු නොවන බවය. 

ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අවශ්‍ය නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවද අජිත් රෝහණ මහතා පැවසීය.