ගැබිනි මව්වරුන් සඳහා එන්නත්කරණය කඩිනම් කරන්නැයි අනතුරු ඇඟවීම්

0
Pregnant women - ගැබිනි මව්වරුන් සඳහා එන්නත්කරණය කඩිනම් කරන්නැයි අනතුරු ඇඟවීම්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ ගැබිනි මව්වරුන් 10 දෙනෙකු මේ වනවිට මියගොස් ඇති බව ප්‍රසව  හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පවසයි.

එම විද්‍යාතනය පෙන්වා දෙන්නේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නියම කර ඇති පරිදි එන්නත්කරණයට තෝරාගත් තත්ත්වයන් සහිත ගැබිනි මව්වරුන් සඳහා අගෝස්තු 14 වනදා වනවිට එන්නත්කරණය සිදුකර අවසන් කළ යුතුව ඇති බවය.

මේ අතර ගැබිනි කාන්තාවන් සඳහා එන්නත්කරණ වැඩපිළිවෙල කඩිනම් කළයුතු නමුත් එහි ප්‍රමාදයක් මේ වන විට නිරීක්ෂණය වන බව එම විද්‍යාතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා පැවසීය.

“ගැබිනි කාන්තාවන් 10දෙනෙක් කොවිඩ් නියුමෝනියාව නිසා මරණයට පත්වෙලා තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කරලා තියෙනවා සයිනොෆාම් එන්නත ගැබිනි මව්වරුන්ට අනුමතයි කියලා. දැනට පේන විදියට මෙම වැඩසටහන ක්‍රියාත්මක වීම බලාපොරොත්තු තරම් කාර්යාක්ෂම නෑ. ආණ්ඩුව ඒකට සියලුම දේවල් සලස්වලා තියෙනවා. මේක ක්‍රියාත්මක වුණේ නැත්නම් ක්‍රියාත්මක නොවීම නිසා වන සියලුම ප්‍රශ්නවලට වගකීමක් ක්‍රියාවට යෙදවීමට යොදවා ඇති නිලධාරීන් භාරගත යුතුයි.“