සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග සෞඛ්‍ය උපදෙස් නොතකා අති විශාල ජනකායක් ප්‍රධාන නගර වෙත

0
People - සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග සෞඛ්‍ය උපදෙස් නොතකා අති විශාල ජනකායක් ප්‍රධාන නගර වෙත
සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග අති විශාල ජනකායක් ප්‍රධාන නගර වෙත පැමිණ තිබෙනවා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල බස් රථ ධාවනය පහත වැටී තිබූ අතර පෞද්ගලික බස් ධාවනය වූයේ ඉතා අවම ප්‍රමාණයක්.

සංචරණ සීමා අද අලුයම ඉවත් කිරීමත් සමඟ කොළඹ ඇතුළු තදාසන්න නගර බොහොමයක දැඩි රථ වාහන තදබදයක් දක්නට ලැබුණා.

දෛනික කොරෝනා ආසාදිතයින් සහ කොරෝනා මරණ ඉහළ යාම හේතුවෙන් දින 30 කට ආසන්න කාලයක් සංචරණ සීමා පනවා තිබූ අතර, අද එය ඉවත්කළ පසු ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසියාකාරව පිළිපදින ආකාරයක් දක්නට ලැබුණේ නැහැ.

වයිනේ බොහෝ නගරවලට විශාල පිරිසක් පැමිණ සිටි අතර වෙළඳසැල්, බැංකු සහ ඒ.ටී.එම්. යන්ත්‍ර මෙන්ම උකස් මධ්‍යස්ථාන ආශ්‍රිතව දිගු පෝලිම්වල ජනතාව එක්රැස් වී සිටියේ නිරෝධායන නීති ද උල්ලංඝණය කරමින්.

කෙසේ වෙතත් බොහෝදෙනෙකු මුව ආවරණ පැළඳ සිටි අතර, මීටරයේ දුර පවත්වා ගැනීම සිදුකරන ආකාරයක් දක්නට ලැබුණේ නැහැ.

එසේම සෞඛ්‍ය මාර්ගෝපදේශන මාලාවේ සඳහන් කර තිබූ වෙළදසැල් තුළ රැඳී සිටිය යුතු සංඛ්‍යාව ඉක්මවමින් පුද්ගලයින් සිටින ආකාරයක් දක්නට ලැබුණා.