ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් සෞඛ්‍ය අංශවලින් විශේෂ ඉල්ලීමක්

0
Health Guide - ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් සෞඛ්‍ය අංශවලින් විශේෂ ඉල්ලීමක්
සංචරණ සීමා ලිහිල් කළ ද රට තුළින් ඉන්දියාවේ සීග්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙල්ටා ප්‍රභේදය මෙරටින් හමුවී ඇති බැවින් ඒ පිළිබදව අවධානය යොමු කරමින් ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට ගරු කරමින් කටයුතු කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ දෙමටගොඩ – ආරාමය පෙදෙසින් ඉන්දියාවේ පැතිර යන ඩෙල්ටා ප්‍රභේදය සහිත ආසාදිතයන් හමුවීම සම්බන්ධයෙන් ජනතාව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවයි.