තවත් ප්‍රදේශ කිහිපයක් වහාම හුදෙකලා කෙරේ

0
lockdown - තවත් ප්‍රදේශ කිහිපයක් වහාම හුදෙකලා කෙරේ
තවත් ප්‍රදේශ කිහිපයක් අද (21) අලුයම සිට හුදෙකලා කර තිබෙනවා.

ඒ ඊයේ (20) ප්‍රකාශයට පත් කළ ග්‍රාම නිලධාරී වසම්වලට අමතරවයි.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ, කොත්මලේ පොලිස් බලප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරී වසම් 5ක් එලෙස හුදකලා කෙරෙන බවය.

ඒ අනුව කොත්මලේ පොලිස් බල ප්‍රදේශයට අයත් කලුදමද ,හපුගස්තලාව,වීරපුර,බෙරමණ දකුණ සහ පහලගොරක ඔය යන ප්‍රදේශයි.