කහටගස්දිගිලිය මොරගහවෙල වැවේ තිදරු පියෙකුගේ මළ සිරුරක්

0
Death body - කහටගස්දිගිලිය මොරගහවෙල වැවේ තිදරු පියෙකුගේ මළ සිරුරක්
කහටගස්දිගිලිය මොරගහවෙල වැවේ තිබී සැක කටයුතු මළ සිරුරක් හමු වී ඇති බව කහටගස්දිගිලිය පොලීසිය පවසනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඇත්තේ කහටගස්දිගිලිය හෙට්ටිකට්ටිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි තිදරු පියෙක්.

අදාළ පුද්ගලයා තමාට අයිති කුඹුරු යායේ රාත්‍රී කාලයේදී පැල් රැකීමට අවශ්‍ය දර සොයා ගොස් ඇති අතර ඔහු නැවත නිවසට පැමිණීමට ප්‍රමාද වීම හේතුවෙන් මිය ගිය තිදරු පියාගේ සහෝදරයින් ඒ පිලිබඳ සොයා බැලීමට කටයුතු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එහිදී මොරගහවෙල වැවේ කණ්ඩිය උඩ ඔහුගේ පාවහන් , හිස්වැසුම සහ දර මිටියක්ද තිබී හමු වී ඇති බව පොලිසිය සඳහන් කළා.

පසුව අදාළ ඥාතීන් වැවට බැස සිදු කළ සොයා බැලීමේදී වැවේ පාසි යට මෙම පුද්ගලයාගේ මළ සිරුර තිබී හමු වී තිබෙනවා.

අනතුරුව සිදුවීම පිළිබඳ කහටගස්දිගිලිය පොලීසිය දැනුවත් කර ඇති අතර මළ සිරුර පිළිබඳ ස්ථානීය පරික්ෂාව අනුරාධපුර වැඩ බලන මහේත්‍රාත් නයනා රත්නායක මහත්මිය සිදු කළ බවයි පොලිසිය සඳහන් කළේ.

එහිදී මෙම මරණය ගැටළු සහගත මරණයක් හේතුවෙන් පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරීම සඳහා අනුරාධපුර අධිකරණ වෛද්‍යවරයා වෙත මළ සිරුර රැගෙන යන ලෙසට නියෝග කර තිබෙනවා.