රනිල්ව පාර්ලිමේන්තුවට නම් කෙරේ

0
Ranil wickramasinghe - රනිල්ගේ සහායට පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරු 60ක් - රංගේ බණ්ඩාර
එක්සත් ජාතික පක්ෂයට පසුගිය මහ මැතිවරණයෙන් හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නම, අද පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදෙනු ලබනවා.

පසුගිය මස 31 වනදා  පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම මන්ත්‍රී ධුරය සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පත් කිරීමට තීරණය කරනු ලැබුවා.

2020 අගෝස්තු 5 වනදා පැවති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට දිවයිනෙන්ම හිමිවුණේ ඡන්ද දෙලක්ෂ 49,435ක් පමණයි.

එහිදී කිසිදු දිස්ත්‍රික්කයකින් මන්ත්‍රි ආසනයක් එම පක්ෂයට හිමි නොවූ අතර, හිමිවූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය මාස 9 කට අධික කාලයක් පුරප්පාඩුව පැවතුණා.