හොරෙන් පැවැත්වූ පුද්ගලික පන්තියේ සිටි 31කට කොවිඩ් වැළඳිලා

0
Covid - හොරෙන් පැවැත්වූ පුද්ගලික පන්තියේ සිටි 31කට කොවිඩ් වැළඳිලා
නිරෝධායන නීති උල්ලංඝණය කරමින් කටුගස්තොට රණවන පාරේ පවත්වාගෙන ගිය පෞද්ගලික අධ්‍යාපන ආයතනය තුළ නිරෝධායන කළ 58 දෙනෙකුගෙන් 31 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට හෙළි වී ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් අධ්‍යාපන කඳවුරක් පවත්වාගෙන යන බවට පොලීසියට ලද තොරතුරකට අනුව කටුගස්තොට පොලිසිය මගින් එම ස්ථානය වටලනු ලැබුවා.

සාමාන්‍ය පෙළ විභාගයට සහභාගී වන සිසුන් සඳහා නේවාසික පුහුණු කඳවුරක් මෙම ස්ථානයේ පවත්වමින් සිටියදී මෙම වැටලීම සිදුකර සිසුන් සහ ගුරුවරුන් එම ස්ථානයේම නිරෝධායන ලක් කිරීමට පියවර ගෙන තිබුණා