ඔන්ලයින් හරහා මත්පැන් මිලදී ගත හැකිද ?

0
Online Liquor - සුපිරි වෙළෙඳසැල් හරහා ඔන්ලයින් ක්‍රමයට මත්පැන් විකිනීමට අවසර දෙන්නැයි ඉල්ලා මුදල් අමාත්‍යාංශයට ලිපියක්

ඔන්ලයින් ක්‍රමවේදය හරහා සුපිරි වෙළෙදසැල් මගින් මත්පැන් මිලදී ගැනීමට හැකි බව සඳහන් කරමින් වෙබ් අඩවි රැසක පලවී ඇති ප්‍රවෘත්තියේ සත්‍ය අසත්‍යතාවය සම්බන්ධයෙන් අප විමසා බැලීමක් සිදුකරනු ලැබුවා.

එහිදී අපිට අනාවරණය වුයේ ඔන්ලයින් ක්‍රමවේදය හරහා සුපිරි වෙළෙඳසැල් මගින් මත්පැන් ලබා ගත හැකි බවට පළවන මාධ්‍ය වාර්තා වල කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි. ඒ සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ කරුණු තහවුරු කර සිටියා.

කෙසේ වුවත් ඔන්ලයින් ක්‍රමවේදය හරහා මත්පැන් අලෙවි කිරීමට ඇතැම් සුපිරි වෙළෙදසැල් විසින් සුරාබදු දෙපාර්තමේන්තුව වෙත ඉල්ලීම් සිදුකරනු ලැබ ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

(newswire.lk වෙබ් අඩවිය ඇසුරිනි)