ගොවිජන සේවා සංවර්ධන නිලධාරීයාත් සහන මිලට ලබා දීමට තිබු පොහොර හොරා කාලා

0
Fertilizer - ගොවිජන සේවා සංවර්ධන නිලධාරීයාත් සහන මිලට ලබා දීමට තිබු පොහොර හොරා කාලා
වාරියපොළ ප්‍රදේශයේ ගොවීන් සඳහා සහන මිලට ලබා දීමට නියමිතව තිබූ පොහොර තොගයක් විකුණු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, වාරියපොළ ගොවිජන සේවා කාර්යාලයේ සංවර්ධන නිලධාරියෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, රුපියල් 1,500 ක සහන මිලට ලබා දීමට තිබූ පොහොර මිටි 50ක් ඔහු තම පෞද්ගලික වෙළෙඳසැළක තබා අලෙවි කරමින් සිටි බවය.

අත්අඩංගුවට ගත් සංවර්ධන නිලධාරීවරයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් වාරියපොළ පොලීසිය වැඩිර පරීක්ෂණ ක්‍රියාත්මක කරනු ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය