ආදාහනාගාරයේ තැන්පත් කළ කොවිඩ් සිරුරක් එළියට ගනී – VIP රථයෙන් ගෙනා සිරුරකට ඉහළ අණින් ඉඩ

0
covid 19 death body - ආදාහනාගාරයේ තැන්පත් කළ කොවිඩ් සිරුරක් එළියට ගනී – VIP රථයෙන් ගෙනා සිරුරකට ඉහළ අණින් ඉඩ
ආදාහනාගාරයේ තැන්පත් කර තිබූ කොවිඩ් ආසාදිත මළසිරුරක් ඉහළ නියෝගයකින් පිටතටගෙන ප්‍රභූ රථයකින් රැගෙන ආ වෙනත් මළ සිරුරක් ආදාහනය කිරීමේ පුවතක් මතුගම පාන්තිය ආදාහනාගාරයෙන් වාර්තා වන බව දිනපතා පුවත්පතක් වාර්තා කරනවා.

එම සිද්ධිය වාර්තා කර තිබූ අයුරින් මෙසේයි.

කොරෝනා වෛරසය ආසාධිතව මතුගම ගල්මත්ත නිවසක ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය 93 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවකගේ සිරුර ආදාහනය සඳහා මතුගම රෝහලට අයත් ගිලන් රථයකින් පාන්තිය ආදාහනාගාරය වෙත සෞඛ්‍ය අංශ විසින් රැගෙන පැමිණ තිබෙනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ සෞඛ්‍ය සේවකයන් විසින් රැගෙන ආ එම මළසිරුර ආදාහන කටයුතු සඳහා ආදාහන කුටියේ තැන්පත් කර මද වේලාවක දී මතුගම ප්‍රදේශයේ මල් ශාලාවකට අයත් ප්‍රභූ අවමංගල්‍ය රථයකින් තවත් මළ සිරුරක් රැගෙන ආදාහනාගාර ඉදිරිපිටට පැමිණ ඇති බව එහි සඳහන්.

ආදාහනාගාරයෙන් තැන්පත් කර තිබූ 93 හැවිරිදි මවගේ කොරෝනා ආසාදිත මළ සිරුර ඉහළ නිලධාරියකුගේ නියෝගයකින් නැවත පිටතට ගෙන ගිලන් රථයේ තැන්පත් කිරීමට සෞඛ්‍ය සේවකයන්ට සිදුවූ අතර මේ හේතුවෙන් පැය දෙකකට අධික කාලයක් කොරෝනා ආසාදිත මළසිරුර ගිලන් රථයේ තැන්පත් කර තිබු බව වාර්තා කර තිබෙනවා.