අඹුසැමි යුවළක් කොවිඩ් මාරයාට බිලිවෙයි

0
Covid 19 deaths - අඹුසැමි යුවළක් කොවිඩ් මාරයාට බිලිවෙයි
වේයන්ගොඩ එළුවපිටිය ගම්මානයේ කොරෝනා වයිරසය ආසාදනය වී අඹුසැමි යුවළක මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

කොරෝනා ආසාදිත වූ තිදරු පියා මීට සති කුනකට පෙර මියගොස් ඇති අතර ඔහුගේ බිරිය තිදරු මව ඊයේ දින මියගොස් ඇත.

ඔවුන්ගේ දරුවන් තිදෙනා ද වයස අවුරුදු තුනක මුණුපුරකු ද  මේ වන විට කොරෝනා වයිරසයට ගොදුරු වි ඇතැයි සෞඛ්‍ය වාර්තා සඳහන් කරයි. 

දැනට සති තුනකට පෙර කෝවිඩ් 19 වයිරසය ආසාදනය වී සැමියා මිය යාමෙන් පසුව නිවැසියන් සියළු දෙනාට සිදු කළ පී.සී.ආර් මියගිය මවට සහ ඇගේ  ඇගේ පුතුන් තිදෙනෙකුට හා කුඩා දරුවාටත් කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට වාර්තා ලැබී තිබිණ..

එම පිරිස අද (12) ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යැවීමට සැලසුම් කොට සිටියදී මව ඊයේ (11) රාත්‍රී මිය ගොස් ඇති බව පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී ඇත.

මිය ගිය තැනැත්තිය ගේ නිවසේ සිටින සියළු දෙනාට වයිරසය ආසාදනය වී ඇති හෙයින් ආදාහන කටයුතු කිරීම සඳහා ඔවුන්ට දායක වීමට නොහැකි වීම හේතුවෙන් අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා ගේ මැදිහත්වීම යටතේ කිසිදු මුදලක් අය නොකොට මිය ගිය මවගේ ආදාහන කටයුතු තිහාරිය මල්වත්ත ආදාහනාගාරයේ දී අද (12) දහවල් සිදු කෙරිණි.

සභාපති වරයාගේ ඉල්ලීම පරිදි නිට්ටඹුව ප්‍රදේශයේ මල් ශාලාවක් මගින් මෘත දේහය සකස් කොට අවමංගල රථයකින් ආදාහනාගාරය දක්වා වූ සියළු කටයුතු ද නොමිලේ කර දෙනු ලැබීය.