පාන් හැර සෙසු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යන ලකුණු?

0
Bakery products - පාන් හැර සෙසු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යන ලකුණු?
පාන් හැර සෙසු බේකරි නිෂ්පාදනවල මිල ගණන් වැඩි කිරීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමය අවධාරණය කළේ, ඉන්ධන මිල ගණන් වැඩි කිරීමට සාපේක්ෂව එලෙස බේකරි නිෂ්පාදනවල මිල වැඩි කිරීමට සිදුවන බවය.

ඊයේ(11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට බලශක්ති අමාත්‍යාංශය පියවර ගත්තේ ය.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් ඉහළ යන බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ ය.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 157 කි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 23 කින් ඉහළ දමා ඇත.

ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 184 ක් දක්වා ඉහළ යනු ඇති.

ඔටෝ ඩීසල් ලීටරයක මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 7 කින් වන අතර ඔටෝ ඩිසල් ලීටරයක නව මිල රුපියල් 111කි.

සුපර් ඩීසල් ලීටරයක මිල ද රුපියල් 12 කින් ඉහළ දමා තිබේ.

ඒ අනුව සුපර් ඩිසල් ලීටරයක නව මිල රුපියල් 144 ක් දක්වා ඉහළ ගොස් ඇත.

භූමිතෙල් ලීටරයක මිල ද රුපියල් 7 කින් ඉහළ දැමූ බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ ය.

එහි ලීටරයක නව මිල රුපියල් 77කි.