දරුණු වයිරස ප්‍රභේද තවත් ප්‍රදේශ දහයකින්

0
Types of coronavirus - දරුණු වයිරස ප්‍රභේද තවත් ප්‍රදේශ දහයකින්
බ්‍රිතාන්‍යයේ පැතිර ඇති සැර කොරෝනා වයිරස ප්‍රභේදය දිවයිනේ තවත් ප්‍රදේශ නමයකින්ද ඉන්දියාවේ පැතිර ඇති සැර කොරෝනා වයිරස ප්‍රභේදය නිරෝධායන මධ්‍යස්ථානයකින්ද හමුවී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

බ්‍රිතාන්‍යයේ පැතිර ඇති සැර වයිරස ප්‍රභේදය හමුවී ඇත්තේ කොළඹ මඩකළපුව මඩකලපුව ත්‍රිකුණාමලය කුලියාපිටිය වාරියපොල හබරාදුව තිස්සමහාරාමය කරාපිටිය සහ රාගම යන ප්‍රදේශවලිනි.

අස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ගත් මෙරට සෞඛ්‍ය සේවකයන් පිරිසකට ද බ්‍රිතාන්‍ය කොවිඩ් ප්‍රභේදය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇතත් ඒ සියලු දෙනා මේ වන විට සුවය ලබා සිටින බවද ජීවන්දර මහතා ප්‍රකාශ කරයි.

මෙයට අමතරව මෙරටින් මුල සිට හමුවූ වයිරස ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් පිරිසක් තිස්සමහාරාමය ප්‍රදේශයෙන්ද හමුවී ඇතැයි එම විද්‍යායතනය පවසයි.

නව සැර කොරෝනා වයිරස ප්‍රභේද හඳුනා ගැනීමේ ජානමය අනුක්‍රමණ පරීක්ෂණ පිළිබඳ අවසන් වාර්තාව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතාට අද (10) පෙරවරුවේ බාරදෙනු ලැබීය. මේ පිලිබඳ තොරතුරු සඳහන් වන්නේ එම වාර්තාවේ ය .