ඇමති එකක් කියද්දී පියුමි තවත් එකක් කියයි

0
ඇමති එකක් කියද්දී පියුමි

මහජන ආරක්ෂක අමාත්‍යංශය විසින් 2021-06 -02 වැනි දින පැවති චන්දිමාල්ගේ උපන්දිනයට අදාල සිදුවීම ගැන මාධ්‍ය නිවේදනයක් නිකුත් කොට ඇත.

ෂැන්ගීලා හෝටලයේ උපන් දින සාදයට අදාලව අත්අඩංගුවට පත් පිරිස නිරෝධායනයට යොමුකිරීම සහ බස් රථය ආපසු හැරවීම යන සිදුවීම් සම්බන්ධව සමාජ මාධ්‍ය තුල යන පුවත් නිවැරදි කිරීම උදෙසා සියලුම විද්‍යුත් හා මුද්‍රිත මාද්‍ය වෙත යොමුකර ඇත.

එම නිවේදනයෙහි සඳහන් ආකාරයට චන්දිමාල් ජයසිංහ පියුමි හංසමාලි ඇතුලු පිරිස නිරෝධායනයට යොමුකල බස් රථය නැවත හරවා ඇත්තේ නිරෝධායනයට යොමුකල පිරිස සතුව ඇඳුම් නොමැති නිසාවෙනි. නමුත් පියුමි හංසමාලි සමාජ මාධ්‍ය හරහා තම ඇඳුම් බෑගය අදාල නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ආ වෛද්‍ය වරයෙක්ට සහ ඔහුගේ බිරිඳට ස්තූති කර තිබුණා.

නිරෝධායනය වන පුද්ගලයෙකු ගේ භාණ්ඩ රැගෙන වෛද්‍යවරයෙක් සහ එම වෛද්‍යවරයාගේ බිරිඳ පැමිණීම නිරෝධායන නීතිය සම්බන්ධවද ප්‍රශ්ණාර්ථයක් ඉතිරිකරනවාක් මෙන්ම සරත් වීරසේකර අමාත්‍යවරයාගේ නිවේදනය සම්වන්ධයෙන්ද සමාජ මාධ්‍ය තුල දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ නිවේදනය

පියුමි හංසමාලි සමාජ මාධ්‍යට එක් කල ඡායාරූපය