OICගේ බිරිඳ ASP පැහැරගෙන ගිහින්

0
Police - OICගේ බිරිඳ ASP පැහැරගෙන ගිහින්

තම බිරිඳ පැහැරගෙන ගියැයි චෝදනා කරමින් ගම්පහ දිස්ති‍්‍රක්කයේ පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයකුට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණීල්ලක් සම්බන්ධයනේ පරීක්ෂණ පවත්වන බව කිරිබත්ගොඩ පොලිසිය පවසයි.

මෙම සහකාර පොලිස් අධිකාරිවරයා රාත්‍රී 9.45ට පමණ ඔහුගේ නිල රථයෙන් තම බිරිඳ රැගෙන නුවර මාර්ගයේ ගමන් කරමින් සිටින බවට ලැබුණු තොරතුරකට  ඔවුන් හඹා ගිය බවත්, පසුව ඔවුන් නුවර පාර දළුගම කැළණීය ප‍්‍රදේශයේ පිහිටි ව්‍යාපාරිකයකුගේ නිවසකට ඇතුළු වූ බවත් එම ස්ථානාධිපතිවරයා සිය පැමිණීල්ලෙන් ඉදිරිපත් කර තිබේ.

එහිදී දෙපාර්ශ්වය අතර යම් බහින්බස් වීමක් සිදුවී ඇති අතර අදාළ ස්ථානාධිපතිවරයා කිරිබත්ගොඩ පොලීසියට පැමිණ පැමිණීල්ලක් ඉදිරිපත් කර ඇති බව පොලීසියේ උසස් නිලධාරියකු සදහන් කළේය.

ඒ අනුව මෙම පැමිණීල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරමින් සිටින බව ද කිරිබත්ගොඩ පොලීසිය කියයි.

(ලංකාදීප වෙබ් අඩවිය ඇසුරිනි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here