කුරුණෑගල නගරාධිපතිට පොලිසිය බයද ?

0
kurunegala mayor - කුරුණෑගල නගරාධිපතිට පොලිසිය බයද ?

කුරුණෑගල පොලිස් පරිශ්‍රයක පැවති පිරිත් පින්කමක් අතරතුර කුරුණෑගල නගරාධිපතිවරයා වෙනුවෙන් පැවැති උපන්දින සාදය පිළිබඳව මේ දිනවල දැඩි කතාබහට ලක්වෙනවා.

උපන්දිනය වෙනුවෙන් මුහුණු ආවරණය පවා ඉවත් කරමින් උපන්දින කේක් ගෙඩිය කපමින් නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මේ සාදය පවත්වා තිබෙන බවයි වාර්තා වුයේ.

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින් මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගෙන් විමසීමක් කළා.

කුරුණෑගල නගරාධිපතිට පොලිසිය බයද යනුවෙන් ඇසු ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙමින් අජිත් රෝහණ මහතා සඳහන් කළේ විමර්ශන සාර්ථක ලෙස සිදුකරන බවයි.

එමෙන්ම කුරුණෑගල නගරාධිපතිවරයාට පොලිසිය බය නැතිබවත් මේ වනවිට ඔහු නිරෝධායනය වන බවත් ඉදිරියේදී මෙම ප්‍රශ්නයට හොඳ පිළිතුරක් ලබා දිය හැකි බවත් සඳහන් කර සිටියා.