මීගමුව හා අවට මෝය කටවල් වෙතට හුලන් පිරවූ බාදක

0
හුලන් පිරවූ බාදක

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් මීගමුව කලපුවට හා ඒතුලින් රට තුල ඇල මාර්ගයන්ට ඇතුළුවන තෙල් හා අනෙකුත් අපද්‍රව්‍ය නැවැත්වීමට I-CERT හදීසි ආපදා ස්වෙච්චා සහන කන්ඩායම විසින් මීගමුව හා අවට මෝය කටවල් වෙතට හුලන් පිරවූ බාදකයන් රදවන ලදී.

ඒ අතරම මීගමුව මුහුදු වෙරලට ගොඩගසා තිබූ කන්ටේනර් පෙට්ටිය ඉවත්කිරීමටද පියවරගත් I-CERT IRON MAN කණ්ඩායම ඇදහැළුණු මහා වැසි නොබලා තම වගකීම ඉටුකරන ලදී.

I CERT කණ්ඩායම සමාජ මාධ්‍යට එක් කර තිබූ සටහන පහතින්

//ගිනිගත් X-Press Pearl නෞකාවේහි ඉහිරුන තෙල්, සුන්බුන් සහ අනෙකුත් අපවිත්‍ර ද්‍රව්‍ය කලපුවේ අභ්‍යන්තරයට පැතිරීම වැලැක්වීම සඳහා මීගමුව කලපුවේ මෝය කට ආශ්‍රිත ප්‍රදේශය අවහිර කිරීමට Floating Booms තැබීමට සහාය වීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියෙහි ප්‍රධානී ආචාර්ය ටර්නි ප්‍රදීප් විසින් I-CERT කණ්ඩායමට දැනුම් දුන්නේය.

සුපුරුදු පරිදි ප්‍රදේශයේ ශ්‍රී ලාංකීය ජනතාවගේ නොමසුරු දායකත්වය මෙම ප්‍රයත්නයට ලැබුනු අතර මෙම උපායන් යෙදවීමට සහ කලපුව සහ වරාය සුරක්ෂිත කිරීමේ වැදගත් කාර්යභාරයක් සියලුදෙනා ඉටු කළහ.

අපගේ සමුද්‍රීය පරිසරය රැකගැනීමේ කාර්යෙහිලා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය, ත්‍රිවිධ හමුදාව මෙන්ම ප්‍රදේශයේ ප්‍රජාව ආරක්ෂා කිරීම සඳහා අඛණ්ඩව කටයුතු කළ MEPA හි ආචාර්ය ටර්නි ප්‍රදීප් මහතාද මතක් කිරීමට කැමැත්තෙමු.//

සියලු චායාරූප මෙතැනින්