වෛද්‍යවරියට තර්ජනය කර යකා නැටූ මොරටුව නගරාධිපති අත්අඩංගුවට

0
samanlal fernando - වෛද්‍යවරියට තර්ජනය කර යකා නැටූ මොරටුව නගරාධිපති අත්අඩංගුවට

මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා ගල්කිස්ස පොලිසියට  භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොරටුව මෝල්පේ සහ මොරටුමුල්ල උතුර ග්‍රාමසේවා වසම් සඳහා සයිනොෆාම් එන්නත ලබා දීමට ගිය වෛද්‍යවරියකට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොරටුව නගරාධිපතිවරයා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ගල්කිස්ස පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.