ගඟට පැන්න තරුණිය අතුරුදන්

0
Rathnapura Marapana - ගඟට පැන්න තරුණිය අතුරුදන්

රත්නපුර මාරපන ප්‍රදේශයේදී 25 හැවිරිදි තරුණියක් සියදිවි හානිකර ගැනීමේ අරමුණින් ගඟට පැන ඇති බව පොලීසිය පවසයි.

රත්නපුර පොලීසිය සඳහන් කළේ ඊයේ (27) උදෑසන 10ට පමණ එම සිද්ධිය වාර්තා වූ බවය.

අදාළ තරුණිය රත්නපුර කැටන්දොල ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

ගඟට පැන්න තරුණිය අතුරුදන් වී ඇති අතර ඇය සොයා පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් මෙහෙයුමක් සිදුකරයි.